රණාලේ වගුරු බිමක මිනිස් ඇටසැකිලි

රණාලේ වගුරු බිමක මිනිස් ඇටසැකිලි

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.

එම වගුරුබිම ආසන්නයේ එළිපෙහෙළි කරමින් සිටි පිරිසක් විසින් මෙම ඇටසැකිලි දැක පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට සිදුකළ දැනුම් දීමක් අනුව නවගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මේ පිළිබඳව සොයා බලා ඇත.

ඒ අනුව, සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හා අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර සොයාගත් මිනිස් ඇටකටු තොගය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.

මෙම මිනිස් ඇටසැකිලි කිහිපය මෙයට වසරක් හෝ ඊට වැඩි කාලයකට ඉහත දී වල දැමූ ඒවා බවට සැක කළ හැකි බවත් මෙය ඝාතනය කර වළ දැමීමක් ද නැතහොත් වෙනත් කාරණයක්ද යන්න පිළිබඳව නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරයි.