සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත්

සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත්

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ලෙස සැලකෙන හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගය තුල රාත්‍රි කාලයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත් ක්‍රියාත්මක වෙමින් පවති.

සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුල විශාල වශයෙන් වැහිලිහිණියන් කුඩු බැද බිත්තර දමා ඇති අතර , ඇතැම් කුඩුවල පැටවුන්ද සිටියි.

රාත්‍රි කාලයේ උණ බට වලින් සකස් කරන ලද දිගු ඉණිමගක් රැගෙන විත් දුම්රිය නොපැමිණෙන වේලාවන් වල වැහිලිහිණි කුඩු කඩා ඒවා තුල තිබෙන බිත්තර සහ පැටවුන් දුම්රිය මාර්ගයට දමා වැහිලිහිණි කුඩු රැගෙන ගොස් සංචාරක හෝටල් වලට අධික මිලකට අලෙවි කරනු ලබයි.

එම දුම්රිය උමං මාර්ගයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ උමං මාර්ගයට පිටතින් පිහිටි තේ වතු වල පදිංචි වතු කම්කරුවන් ගමන් කරන අතර , එම ජනතාවද බිය ගන්වා වැහිලිහිණි කුඩු කැඩිමේ ජාවාරමේ නිරතව සිටින පුද්ගලයන් ජයටම මෙම ජාවාරම සිදු කරනු ලබයි.

සංචාරක හෝටල් වලට අලෙවි කරනු ලබන වැහිලිහිණි කුඩු වලින් පිලියෙළ කරන ලද විශේෂිත සුප් වර්ගයකට මැදපෙරදිග රටවල් වලින් පැමිණෙන විදේශිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් පැවතිම හේතුවෙන් සිංගිමලේ උමං මාර්ගය තුල වැහිලිහිණි කුඩු කැඩිමේ ජාවාරමේ නිරතව සිටින පුද්ගලයන් එම ජාවාරම ජයටම සිදු කරන බවයි එම උමං මාර්ගය හරහා ගමන් කරන වතු කම්කරුවන් කියා සිටින්නේ.

දුම්රිය මාර්ගයට ජාවාරම්කරුවන් විසින් දමා ඇති බිත්තර සහ පැටවුන් ධාවනය වන දුම්රියන් වලට යට වි විනාශ වන බවත්, මෙම ජාවාරම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙතින් වතු කම්කරුවන් ඉල්ලා සිටියි.

Share This