හරක් ප්‍රවාහනය කල ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

හරක් ප්‍රවාහනය කල ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතතුර පොලිස් මාර්ග බාධකයකදී හරක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට නවත්වන ලෙසට අණ කර තිබෙනවා.

එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් ලොරි රථයට වෙඩි තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා.

COMMENTS