ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 04 ක් මරුට

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 04 ක් මරුට

ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක 14 හැවිරිදි සිසුවකු සිදුකළ වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි වැදීමෙන් තවත් 9 දෙනකු තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මියගිය සිවු දෙනාගෙන් දෙදෙනකු ගුරුවරුන් බවත් ඉතිරි දෙදෙනා සිසුන් බවත් පැවැසෙයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ, ‘ඇපලාචී’ නමැති ද්විතීක පාසලේ පාසල් වේලාව තුළදී බව වාර්තා වේ.

එම අවස්ථාවේ සිසුහු 1,900 ක් පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇත.

වෙඩි තැබීම කළේ, කෝල්ට් ග්‍රේ නමැති සිසුවා යැයි පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

වෙඩි තැබීම කළ සැණින්, පොලිසියට යටත් වන බව කෝල්ට් ග්‍රේ පවසා ඇත.

ඒ අනුව, පාසලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන්, පාසල් පරිශ්‍රයේදීම කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.

කෝල්ට් ග්‍රේ, වැඩිහිටියකු සේ සලකා, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත.