
කටුනායක වෙඩි තැබීමකින් අයෙක් මරුට
කටුනායක 18 කණුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජුකී මැෂීන් අමතර කොටස් අලෙවි සැලක හිමිකරුට මෙසේ වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි, පොලිසිය පවසන්නේ.
පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.