
කිරිඳිවිට වෙඩි තැබීමක්
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ කිරිඳිවිට – අකරවිට ප්‍රදේශයේදී අද සවස 7 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතර කොටස් විකිණීමේ වෙළෙඳ සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුට බරපතළ බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ධනංජය වනිගරත්න මහතා පැවසීය.

