ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 11 ක් මරුට

ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 11 ක් මරුට

ස්වීඩනයේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම 11 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව එරට පොලිසිය පවසයි.

ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්වීඩනයේ අධ්‍යාපන ආයතනයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ දරුණුතම වෙඩි ප්‍රහාරය මෙය ලෙස හැඳින්විය හැකි බව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් ප්‍රකාශ කර තිබේ.

වෙඩි තැබීම කළ තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.