කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව, අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද (30) අලුයම අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව ද පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් දමා ගොස් තිබියදී කොස්ගොඩ පොලිසිය භාරයටගෙන ඇත.

කළු සහ රතු වර්ණයෙන් යුත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් අවස්ථා දෙකකදී නිවස ඉදිරිපිටට සහ නිවස තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.