ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්ස ඥානේන්ද් පාර දුම්රිය මාර්ගය අසල දී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් 46 හැවිරිදි විවාහක පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා නිවසින් පිටතට ගෙන ගොස් වෙඩිතබා ඇතැයි පොලිසිය පවසයි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This