ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එකඟ නෑ – නාමල්

ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එකඟ නෑ – නාමල්

හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම තීන්දුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ගත් තීන්දුවක් බවත් තමන්ට ඊට පක්ෂ විය නොහැකි බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වැඩ තහනමකට ලක්ව බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.