ශිරාන් බාසික් සෝල් බීච් හෝටලය ඉදිකර ඇත්තේ රජයේ ඉඩමක බව හෙළිවෙයි

ශිරාන් බාසික් සෝල් බීච් හෝටලය ඉදිකර ඇත්තේ රජයේ ඉඩමක බව හෙළිවෙයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයේදී සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති බදු ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව නිළධාරීන් කණ්ඩායමක් ඉහත හෝටලය නැවත ඉදි කරන ස්ථානය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන 2024.05.14 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සැකකරුවන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එසේම, මෙම ප්‍රශ්න සහගත ඉඩම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය රජයේ සතු ඉඩමක් බවටද වාර්තා කර ඇත.

මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනතේ 5(1), 5(2) වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 32 වගන්තිය සමග කියවෙන 433 වගන්තිය යටතේ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Share This