ශකීබ් අල් හසන් 20 – 20 පිටියෙන් සමුගනී

ශකීබ් අල් හසන් 20 – 20 පිටියෙන් සමුගනී

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 – 20 ක්‍රිකට් පිටියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිමා වූ පන්දුවාර 20 – 20 ලෝක කුසලානය තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර පන්දුවාර තරගාවලිය බවයි ශකීබ් මාධ්‍යට පවසා ඇත්තේ.

ඒ අනුව ඔහු ජගත් පන්දුවාර 20 – 20 ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට තරග 129කදී ලකුණු 2551ක් සහ කඩුලු 149ක් බිඳ දමා තිබෙන බවයි සඳහන් වන්නේ.