ශිකර් ධවාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශිකර් ධවාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඒ සිය X ගිණුමට වීඩියෝවක් එක්කරමින්.

තම ක්‍රීඩා දිවිය පුරාවට තමන්ට ලැබුණු ආදරය සහ සහයෝගය වෙනුවෙන් තම රසිකයින්ට මෙන්ම සංගම්වලට ස්තූති කරන බව ඔහු එම වීඩියෝවෙන් සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර තරග 269 කදී ඔහු ශතක 24ක්, අර්ධ ශතක 44ක් ඇතුළුව ලකුණු 10,867ක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.

ධවාන් අවසන් වරට 2022 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර, ඉන් අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවර වූයේ නැහැ.

පසුගිය වසර කිහිපය තුළ ශුබ්මන් ගිල්, ඉෂන් කිෂාන්, අභිෂේක් ශර්මා, යෂශ්වි ජයිස්වාල් ඇතුළු අනෙකුත් තරුණ ආරම්භක පිතිකරුවන් ඔහුගේ ස්ථානයට අභියෝග කිරීම ඊට ප්‍රධාන හේතුවක් වුණා.

ධවාන් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කළා.