ජනපති නියමයෙන් ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

ජනපති නියමයෙන් ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වූ මව්පියන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.