ෂාෆ්ටර්ගේ මරණයට අදාළව බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවයි

ෂාෆ්ටර්ගේ මරණයට අදාළව බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යපාරයේ අධ්‍යක්ෂ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීන ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබේ.

ඒ ඔහුගේ මරණයට අදාළ නඩුව ඊයේ (24) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දීයි.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, මෙම සිද්ධියට අදාළව නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් පත්කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මතයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රැධිර සාම්පලය කාගේදැයි තහවුරු කරගැනීම සදහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුවයි, අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

Share This