සෙව්වන්දි ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවෙකු රිමාන්ඩ්

සෙව්වන්දි ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවෙකු රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

ලහිරු සම්පත් නැමැති එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවය.

මේ තුළින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ චෝදනා කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.