පාසල් අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා අසනීපෙන්

පාසල් අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා අසනීපෙන්

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද මේ වන විට 50කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසන්නේ තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බවයි.

Share This