ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යළි සමාලෝචනයට

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යළි සමාලෝචනයට

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අර්ධ වශයෙන් වැඩ නිමවු පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදුකිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

අද (7) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් රැසක වැඩ අතරමග නැවතී ඇති බවත්, මේ මොහොතේ එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.