පාවහන් ගන්න පාසල් සිසුන්ට රජයෙන් රුපියල් 3000 ක්
තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව;
සිසුන් 250ට අඩු පාසල් 6,000ක ඉගෙනුම ලබන සිසුන් 650,000ක් සඳහා
සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140,000ක් සඳහා
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2,300ක් සඳහා
පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහිපැවිදි පිරිවෙන් සිසුන් 30,000ක් සඳහා මෙම දීමනාව හිමිවෙනවා.