පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක්
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.