ජනාධිපතිවරණය නිමිත්තෙන් නිවාඩු ලැබෙන පාසල්

ජනාධිපතිවරණය නිමිත්තෙන් නිවාඩු ලැබෙන පාසල්

2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල්වලට ලබන 13 වන දා සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල මහතා පැවසීය.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට මේ මස 13 සිට 24 දින දක්වා නිවාඩු ලබාදී තිබේ.

එමෙන්ම, ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19 සහ 20 යන දෙදින නිවාඩු ලබා දී තිබේ.

එසේම, ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වන දින නිවාඩු ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් කියා සිටියේ, බදුල්ල මධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.