හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර, වැටුප් විෂමතා ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හෙට (27) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසීය.

 

Share This