සතොසෙන් සහල් කිලෝවක් 220කට

සතොසෙන් සහල් කිලෝවක් 220කට

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවය.

වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ

“අද (04) සිට මෝල්හිමියන් අපිත් සමග එකඟ වුණා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට.”

“මෝල්හිමියන් ගෙන්වා රජය සිදුකළ සාකච්ඡාවේදී මෝල්වල තිබෙන සහල් නිදහස් කරන්න බැරි බැංකු වල ප්‍රශ්නයක් තියෙන නිසා කියලා කිව්වා.

අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා. ඒ නිසා අද සිට ඔවුන් අපිට එකඟවෙලා තිබෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිලට ලබාදීමට.”