ලංකාවට එන අලුත්ම මිට්සුබිෂි වාහනවල නව මිල ගණන් මෙන්න

ලංකාවට එන අලුත්ම මිට්සුබිෂි වාහනවල නව මිල ගණන් මෙන්න

එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට මෙරටට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ.

එය හේතුකොට ගෙන මෙරට බලයලත් මෝටර් වාහන වෙළෙඳ සමාගම් ආනයන ලිහිල් කළ වහාම මෝටර් රථ ආනයනය සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගනිමින් සිටී.

එහිදී අදාළ සමාගම් විසින් ආනයනය කිරීමට නියමිත මෝටර් වාහනවල නවතම මිල ගණන් කිහිපයක්ද අනාවරණය කර තිබේ.

මිට්සුබිෂි වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම, එලෙස වාහන ආනයන සීමා ලිහිල් කළ සැණින් මෙරටට ගෙන්වීමට නියමිත ටොයොටා මෝටර් වාහන සඳහා මේ වන විට පෙර ඇණවුම් භාර ගැනීම් ආරම්භ කර ඇති අතර ඒවායේ නවතම මිල ගණන් ද අනාවරණය කර තිබේ.

ඒ අනුව, රජය ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු දින 90 -120 ක් ඇතුළත වාහන ලබා දෙන බවටත් දැනට, ප්‍රදර්ශන වාහන නැරඹීමට නොමැති බවත් ඒඅම සමගම දන්වා සිටී.

වත්මන් තීරුබදු සහ විනිමය අනුපාත මත පදනම්ව එම මිල ගණන් ඇස්තමේන්තු කර ඇති බවද එම සමාගම පවසයි.

එලෙස පෙර ඇණවුම් භාර ගන්නා වාහනවලට අදාළ මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව, 18% VAT නොමැතිව එහි මිල ගණන් පහතින්.

Attrage – Rs. 5Mn

Xpander – Rs. 14.5Mn

Xpander Cross – Rs. 14.5Mn

Xforce/Outlander Sport – 14.5Mn

L 200 – Rs. 15Mn

Montero Sport – Rs. 44M

Eclipse Cross – මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය