ලංකා සතොසට නව සභාපතිවරයෙක්
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර තිබේ.
ඒ අනුව, ආචාර්ය සමිත පෙරේරා මහතා අද (04) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.