සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල පහළට

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසයි.

ඒ අනුව, සුදු කව්පි කිලෝවක් රුපියල් 110 කින් අඩු කර ඇති අතර එහි නව මිල 990 ක්ද,

ආර්තාපල් කිලෝවක් 75 කින් අඩු කර ඇති අතර එහි නව මිල 350 ක්ද,

රතු කව්පි කිලෝවක මිල 45කින් අඩු කර ඇති අතර එහි නව මිල 950 ක්ද,

වියළි මිරිස් කිලෝවක් රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල 780 ක්ද,

හාල්මැස්සන් කිලෝවක් රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල 930 ක්ද,

වටානා කිලෝවක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල 185 ක්ද,

පාන්පිටි කිලෝවක් රුපියල් 05කින් අඩු කර ඇති අතර එහි නව මිල 219 ක් බවයි, සතොස සඳහන් කළේ.