දිලිත්, විමල්, ගම්මන්පිල යාපනයේ කෝවිලක නරි නාටකයක!

දිලිත්, විමල්, ගම්මන්පිල යාපනයේ කෝවිලක නරි නාටකයක!

ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන සර්වජන බලය සන්ධානයේ නායකයින් පිරිසක් පසුගිය දිනෙක යාපනයේ කෝවිලක දී පොල් ගැසීමේ අවස්ථාවකට එක්ව සිටින වීඩියෝවක් මේ වන විට සමාජ මධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති එම අවස්ථාවට, සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් ඇතුලු පිරිසක් එක්ව සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වේ.

දකින ඕනෑම අයෙකුට සිනහ ගැන්වෙන ආකාරයක් ඇති එම වීඩියෝව හාස්‍ය උත්පාදනය කෙරන සංගීත කණ්ඩයන් ඇතුළත් කර ම නිර්මාණය කර තිබීම එහි ඇති විශේෂත්වය වේ.

එකම වීඩියෝව එක් එක් සමාජ මාධ්‍ය ජාල වල විවිධ හාස්‍ය උත්පාදක ගීත මෙන්ම සංගීත කණ්ඩ ඇතුළත් කර නිර්මාණය කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වී තිබේ.

මේ වන විට බොහෝ පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇති අතර බොහෝ දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, “මේ වගේ නරි නාටක නැතුව අනාගතේ හොද උගත් බුද්ධිමත් පිරිසක් දේශපාලනයේ දකින්නට ලැබේවා” යනුවෙනි.