සරත් ෆොන්සේකා ජනපති සටනට

සරත් ෆොන්සේකා ජනපති සටනට

2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිය X ගිණුමෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් කර ඇත.

වසර 76ක් තිස්සේ අපව බංකොලොත් භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අප මෙහෙයවූ බවත් ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතු බව‍ත් ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස තමන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි, ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.