සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ වසර 27කට පසුවය.

ශ්‍රී ලංකාව පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය වුවද, ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රශංසනීය දස්කම් පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

විස්සයි20 ලෝක කුසලානයේ බලාපොරොත්තු සුන් වූ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසු, පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සනත් ජයසූරිය අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර, කණ්ඩායම වෙනුවෙන් ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු සෙවීම සිදුකෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා සිට 30 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.