සනත්ට ලොකු පඩියක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් හි ලොකු තනතුරක්

සනත්ට ලොකු පඩියක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් හි ලොකු තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ජයසූරියගේ තනතුරට උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ සංවර්ධනය, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබාදීම ඇතුළත් වේ.

උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බව ද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

Share This