සමරිසි පනතට මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය

සමරිසි පනතට මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමු කොට ඇත.

මහනායක හිමිවරුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පහතින්