![සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ් සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/salochana-d.jpg?quality=100&f=auto)
සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (17) නියෝග කළාය.
බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ සලෝචන ගමගේ හා දුශාන්ත දිනේෂ් සැකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන්ට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන පිළිබඳ නියෝගය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වීමෙන් පසුව සළකා බලන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා, වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283 ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි