සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ට අද (29) ⁣පස්වරුවේ පූජා කර , දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය ශාස්ත්‍රපති උරුලෑවේ ශ්‍රී ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක උන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

විපක්ෂ නායකවරයා පළමුව ශ්‍රි දළදා මාළිගාව වෙත පැමිණ දළදා වහන්නේගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නා හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.

අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් වෙතද පිළිගන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වනු ලැබුවා.

දළදා මාළිගාවට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නියෝජිත පිරිස දළදා මාළිගාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චමිපික රණවක ,අර්ජුන රණතුංග මහාචාර්ය ජී එල් පීරීස් ,දයාසිරි ජයසේකර ආචාර්ය හර්ෂද සිල්වා, තිලංග සුමතිපාල, ලකී ජයවර්ධන එරාන් වික්‍රමරත්න යන මහත්වරුද පක්ෂයේ ක්‍රියාකාරීන්ද සහභාගි වූහ.

Samata Jayak Sajith Manifesto Sinhala by kapila hemantha on Scribd