ශෂී වීරවංශට එරෙහි නඩුව කල්යයි

ශෂී වීරවංශට එරෙහි නඩුව කල්යයි

නීතියට පටහැනි ලෙස රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව ජනවාරි මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.

මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

මෙම නඩුවට සමාන නඩුවක් වෙනත් අධිකරණය ගොනුකර ඇති බැවින් එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරිය නොහැකි බවයි, එම විරෝධතාවෙන් පෙන්වා දී තිබුණේ.

එහෙත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා සදහන් කළේ, මෙම නඩුව වෙනත් කරුණක් පදනම් කර ගෙන ගොනුකර ඇති බවයි.

එහෙයින් එය විභාග කිරීමට අධිකරණයට බලය ඇති බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව, මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය මෙම නඩුව ජනවාරි 28 වනදා විභාගයට ගැනීමට නියෝග කළේය.