ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන්න සුදුසුකම් ලැබූ පොහොට්ටු මන්ත්‍රී

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන්න සුදුසුකම් ලැබූ පොහොට්ටු මන්ත්‍රී

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

2022 වසරේදී ද ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා හෙට මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ලබන 8 වනදා සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

 

Share This