ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

දිගින් මීටර් 64.4ක් වන මෙම සබ්මැරීනයෙහි 40කින් යුතු කාර්ය මණ්ඩලයක් සේවය කරති.

එහි අණදෙන නිලධාරී කොමාන්ඩර් Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද අද එම විධාන මූලස්ථානයේ දී සිදු කෙරුණා.

‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳ ව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

මෙම නිල සංචාරය නිමා කරමින් එළඹෙන 04 වන දින ‘INS Shalki’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ව බවත් වාර්තා වනවා.