නගරාධිපති කම නැතත් රෝසි තවමත් නිල නිවසේ – තවත් සති 2ක් ඉන්න දෙන්නැයි ඉල්ලීමක් කරලා

නගරාධිපති කම නැතත් රෝසි තවමත් නිල නිවසේ – තවත් සති 2ක් ඉන්න දෙන්නැයි ඉල්ලීමක් කරලා

තමන්ට නගරාධිපති නිල නිවෙස් තවත් සති 2ක කාලයක් රැදී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ‌ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට නගර සභාව විසුරුවා හැර තිබුණද තවදුරටත් තමන්ට එහි වාසය කිරීමට ඉඩ දෙන ලෙස රෝසි සේනානායක මහත්මිය විසින් ‌මීට පෙර ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණ.

ඒ අනුව අප්‍රේල් 16 වන දින දක්වා මාසයක කාලයක් එසේ වැඩිපුර ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් අප්‍රේල් 16 වැනි දින නගරාධිපති නිල නිවෙස සහ එහි බඩුභාණ්ඩ යළි පවරා ගැනීමට අවශ්‍ය පියවර ‌ගැනීමට කටයුතු කොට තිබිණ.

එසේ තිබියදී රෝසි සේනානායක මහත්මිය තවත් සති 2ක් ඇයට නිල නිවසේ ගත කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන ලෙස ලිපියක් යොමු කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය මාස 2ක කාලය තුළ පමණක් ලක්ෂ 8 ඉක්මවා ගිය විදුලි බිලක් නගරාධිපති නි නිවෙසින් වාර්තා වුවද එය නොගෙවා සිටීමට රෝසි සේනානායක මහත්මිය කටයුතු කර තිබීමය.

ඒ අනුව අදාළ හිග විදුලි බිල නගර සභාවේ ජනතා බදු මුදල්වලින් පියවා දැමීමට කටයුතු කොට තිබිණ

Share This