විපක්ෂයට යන කතාව ගැන රොෂාන්ගෙන් ප්‍රකාශයක්

විපක්ෂයට යන කතාව ගැන රොෂාන්ගෙන් ප්‍රකාශයක්

තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ, වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

“අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා. මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම.

මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.”

Share This