රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

රොෂාන් රණසිංහව සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මකවන පරිදි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හෙළි කර ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු අතුරු පාලක කමිටුවක් පත් කිරීමත් සමග ජනාධිපතිවරයාත් රජයත් විවේචනය කිරීම සම්බන්ධව ඔහුට අවවාද කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනයට ලක් කිරීමෙන් පසු මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ලිපියක් මඟින් අමාත්‍ය රොෂාන් රණසිංහට මේ බව දැනුම් දී තිබේ.

Share This