කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට තව දුරටත් බාධා

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට තව දුරටත් බාධා

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ, බෙරගල, බත්ගොඩ නායයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ එම ස්ථානයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බවයි.

මෙම නාය යෑමත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වූ අතර, එම මාර්ග කොටස පිළිසකර කිරීම අද (06) උදෑසන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එම මාර්ගයේ වාහන ධාවනයට තවමත් බාධා එල්ල වී ඇති අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන්නන්ට දැනුම් දෙනවා.

මේ අතර, මෙම නායයාමෙන් නිවාස 5 කට පමණ හානිවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න මහතා සඳහන් කළේ ය.+

398380885 669629555307746 2507118544536776685 n

398311496 669629515307750 7319182865569266640 n

398311321 669629461974422 867786717260819092 n