ලාෆ්ස් ගෑස් මිළේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිළේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් සමාගම මේ මස ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සංශෝධනය නොකරන බව නිවේදනය කර තිබේ..

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකියි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ලාෆ්ස් ගෑස් මිළ ද ඉහළ දැමිය යුතු වුවත් මේ මාසයේදීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි, එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය