ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

තෙල්වත්ත මංසන්ධියේ සිට සීනිගම දක්වා ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් අද ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරයේ 46 මිහිඳු මහා පෙරහැර අද සවස පැවැත්වීම මීට හේතුවයි.

මේ හේතුවෙන් තෙල්වත්ත මංසන්දියේ සිට සීනිගම දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ගාලු පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පෙරහැර වීථි සංචාරය කරන කාලසීමාව තුළ ගාල්ල දෙසට ගමන්ගන්නා රථවාහන කහව මංසන්ධියෙන් මීටියාගොඩ දෙසට හරවා අලු‍ත්වල මංසන්ධිය හරහා හික්කඩුව සහ කුමාරකන්දට ගමන් කළ හැකියි.

පෙරහැර වීථි සංචාරය කෙරෙන කාලය තුල තෙල්වත්ත සහ සීනිගම දක්වා කොටසේ රථ වහන තදබදයක් ඇති විය හැකි බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This