කොළඹ මාර්ගයක් අවහිර වෙයි

කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය මෙම විරෝධතාව ක්‍රියාත්මක කර තිබේ.

‘ඖෂධ අර්බුදය සහ වෛද්‍ය හිඟය හමුවේ බිඳවැටෙන නිදහස සෞඛ්‍ය රැකගැනීමට පෙරට එන්න’ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම විරෝධතාවට වෛද්‍යවරු 1000 ක පමණ පිරිසක් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශ වෙත පාගමනින් පැමිණියහ.

Share This