කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට (28) පෙරවරුවේ පැය කිහිපයක් වසා දැමීමට කටයුතු කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

හෙට උදෑසන 08.00 සිට 10.00 දක්වා හෝ උදෑසන 09.00 සිට 11.00 දක්වා කාලය තුළදී එම මාර්ග කොටස වසා දැමීමට සිදුවන බවයි, එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ.

එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණයක් සමඟ ගසක් ගැලවීයාම හේතුවෙන් එම ගස අසල පැවති පාෂාණ කුට්ටි දෙකක් බුරුල් වී ඇති බැවින් එම ගාෂාණ කුට්ටි එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා මෙම මාර්ගය වසා දැමීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This