දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් නව සහල් ප්‍රභේදයක් නිපදවයි

දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් නව සහල් ප්‍රභේදයක් නිපදවයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල සහ මේද සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිපදවා තිබේ.

මෙය සාමාන්‍ය සහල්වලට සමාන නමුත් රෝස පැහැයක් ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනකුට අපූරු ආහාරයක් වනු ඇති බවය.

එමෙන්ම, මෙම සහල් නිෂ්පාදන ක්‍රියාවලියේදී කිසිදු සතෙකුට හානියක් සිදුවී නොමැති බව විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එහෙත් හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට විද්‍යාඥයෝ සමත් වී තිබේ.

අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි.

Share This