පෞද්ගලික අංශය මගින් සහල් ආනයනයට එකඟතාවයක්

පෞද්ගලික අංශය මගින් සහල් ආනයනයට එකඟතාවයක්

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.

එහිදී පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබුණු බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇති අතර ඕනෑම සහල් වර්ගයක් ආනයනයට හැකියාව තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.