විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 7කට රතු නිවේදන

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 7කට රතු නිවේදන

නිසි පරිදි විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 7කට රතු නිවේදන නිකුත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මෙරට සමස්ත ජනගහණයෙන් ලක්ෂ 70ක් පමණ විදුලි පාරිභෝගිකයන් වන අතර සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 10%ක් වෙතම මෙලෙස රතු නිවේදන නිකුත් අකර තිබේ..

පසුගිය කාල සීමාවේ අවස්ථා කිහිපයකදීම විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළ පසුබිමක මෙම තත්ත්වය උදා වී තිබේ.

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65ක් පමණම නියමිත පරිදි විඳුලි බිල්පත් නොගෙවන බවද විඳුලි බල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට හිඟ විදුලි බිල්පත් ගෙවීමට දින 45ක් ලබා දීමට ද විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.