රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු කොටු වෙයි

රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු කොටු වෙයි

මාකඳුරේ මදූෂ්ගේ ගෝලයකු බව කියන බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී, හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80 සහ 9mm උණ්ඩ යෙදිය හැකි අමෙරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් සහ එම මැගසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බවයි, පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශවලදී මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 36, 43, 44, 51ක් වන මුලටියන සහ මාකදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

 

Share This