සැප්තැම්බර් මාසයේ පමණක් දැරියන් දූෂණ කල සිද්ධීන් 168ක් – 22 දෙදෙනෙක් ගැබ් අරන්

සැප්තැම්බර් මාසයේ පමණක් දැරියන් දූෂණ කල සිද්ධීන් 168ක් – 22 දෙදෙනෙක් ගැබ් අරන්

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට තුළ වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් දුෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ඊයේ (24) දිනයේ දී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්වුණා.

ඊට එක්වෙමින් අදහස් පළ කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එම ගැහැණු දරුවන් අතරින් 22 දෙදෙනෙකු ගැබ් ගෙන ඇති බවයි.

2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව 11,000ක් බවයි ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තයන්ට අනුව වාර්තා වන්නේ.

2022දී වාර්තා වූ සියලු ළමා අපයෝජන සිදුවීම් අතුරින් 41%ක් ලිංගික අපයෝජනයන්.

ඒ අනුව ඉහත සඳහන් පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වසර තුළ එය විශාල ඉහළ යාමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ.

Share This