පාසල් සිසුවියක් සමූහ දුෂණයට ලක්කළ තරුණයින් 5ක් සොයා විමර්ශන

පාසල් සිසුවියක් සමූහ දුෂණයට ලක්කළ තරුණයින් 5ක් සොයා විමර්ශන

හංවැල්ල , ඇඹුල්ගම ප්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයින් 5 දෙනෙකු මෙම අපරාධය හා සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි.

මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන් පොහොය දින වූ අද උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Share This